WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය 09 දක්වා කල් යයි

I
Ishanka Jayasuriya
June 5, 2026 · 1 min read
27 viewsf𝕏W
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය 09 දක්වා කල් යයි
අබිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විභාගය මෙම මස 09 වනදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය  නියෝග කර තිබේ.
මෙම පරීක්ෂණය අද (05) පසන් අමරසේන  මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී අල්ලස් කොමිසම විසින් මියගිය චන්ද්‍රසේන මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවකට අදාළව පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි.
අනතුරුව කොල්ලුපිටිය  ස්ථානාධිපතිවරයාගේ සාක්ෂියද සටහන් කරගෙන ඇති අතර, වැඩිදුර විභාගය සඳහා නඩුව ලබන 09 වනදා යළි කැඳවීමට නියමිත
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රන් මිලේ පහළ යාමක්

More in Breaking News