ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ කොළඹට ජල සැපයුම සම්බන්ධයෙන් නව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව හෝමාගම, පාදුක්ක, මහරගම, පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශවලට දින 4කට වරක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
මෙයට හේතුව ලෙස කලටුවාව ජලාශයේ ජල මට්ටම වේගයෙන් අඩුවීම සඳහන් කරයි. මේ වන විට එහි ජලය පවතින්නේ තව දින 20කට පමණක් බවද වාර්තා වේ.
ජල සැපයුම අත්හිටුවන කාලය පැය 24 සිට පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති අතර, එය ප්‍රදේශ අනුව පැය 3 සිට පැය 18 දක්වා වෙනස් විය හැකි බව සඳහන් වේ.
එමෙන්ම, ජල කප්පාදු කාලය හා වේලාවන් පිළිබඳව පාරිභෝගිකයන්ට කෙටි පණිවිඩ මගින් පෙර දැනුම් දෙන බවද මණ්ඩලය




