මැණික් සහ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක අතර, අදාළ මුදල් හා මැණික් ගනුදෙනු පිළිබඳවද විමර්ශන සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.
අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




