එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට නව රටවල් පහක් එක් කිරීමට අනුමැතිය හිමිව ඇති බව නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති විශේෂ ඡන්ද විමසීමකදී තීරණය වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193ම මෙම තීරණයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඔස්ට්‍රියාව, කිර්ගිස්ථානය, පෘතුගාලය, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑකෝ සහ සිම්බාබ්වේ යන රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නව අස්ථීර සාමාජිකයින් ලෙස එක්වී ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සංවිධානයේ ප්‍රබලතම ආයතනයක් වන අතර එහි සාමාජික රටවල් සංඛ්‍යාව 15කි. ඉන් 5ක් ස්ථිර සාමාජිකයින් වන අතර ඔවුන්ට නිෂේධ බලය (Veto power) හිමිවේ. එම රටවල් වන්නේ බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදයයි.
අනෙක් සාමාජික රටවල් 10 වසර දෙකක කාලසීමාවක් සඳහා තෝරා ගැනෙන අතර, වාර්ෂිකව රටවල් 5 බැගින් මාරුවෙන් මාරුවට මණ්ඩලයට එක්වෙයි.
මේ අනුව, මෙම වසරේ කාලසීමාව අවසන් කරමින් සෝමාලියාව, පැනමාව, ඩෙන්මාර්කය, ග්‍රීසිය සහ පකිස්ථානය යන රටවල් ආරක්ෂක මණ්ඩලයෙන් ඉවත්වීමට නියමිතය.




