ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවාවන් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ පවත්වාගෙන යාම සඳහා නව උපදෙස් මාලාවක් සකස් කර ඇති බව රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීමේදී අනාවරණය විය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවැති මෙම රැස්වීමේදී, 2026 අප්‍රේල් 20ට පෙර අදාළ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමටත්, අප්‍රේල් 16 සහ 17 දිනවල මාර්ගගත සේවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව පරීක්ෂා කිරීමටත් තීරණය කර ඇත.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති ඉන්ධන සහ බලශක්ති අභියෝග හමුවේ රාජ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී විමසා බලන ලදී. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන විට ඩීසල් 42%ක ඉතිරියක් ලබාගෙන ඇති බවද අනාවරණය විය.
තවද, පාසල් මට්ටමින් බලශක්ති කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් අප්‍රේල් 07 සහ 09 දිනවල පැවැත්වීමටත්, විශ්වවිද්‍යාල කිහිපයක් මාර්ගගතව පවත්වාගෙන යාමටත් සැලසුම් කර ඇත.
ජල හා බලශක්ති පරිභෝජනය අධීක්ෂණය සඳහා විශේෂ දත්ත පද්ධතියක් (Dashboard) හඳුන්වාදීමටද යෝජනා කර ඇති අතර, ජලය අපතේ යාම වැළැක්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිත




