අභ්‍යවකාශ ගවේෂණයේ නව පිටුවක් පෙරළමින් NASA ආයතනය 2028 වසරේදී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම අභ්‍යවකාශ යානය Mars වෙත යැවීමට තීරණය කර තිබේ.
“Space Reactor 1 (SR-1) Freedom” ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම, න්‍යෂ්ටික විදුලි ප්‍රචලන තාක්ෂණය භාවිතා කරමින් සිදුකෙරෙන ප්‍රථම අත්හදා බැලීමක් වේ. මෙහිදී කිලෝවොට් 20ක විදුලි බලයක් නිපදවිය හැකි කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් භාවිතා කිරීමට නියමිතය.
මෙම යානය අඟහරු වෙත ළඟා වූ පසු, “SkyFall” නම් විද්‍යාත්මක මෙහෙයුම යටතේ හෙලිකොප්ටර් යානා තුනක් අඟහරු මතුපිටට මුදා හැරීමට නියමිත අතර, එමඟින් මිනිසුන්ට ගොඩබැසීමට සුදුසු ස්ථාන හඳුනාගැනීම සහ භූගත අයිස් ජලය සෙවීම සිදු කරනු ඇත.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, 2030 වසරේදී සඳ මත බලශක්තිය නිපදවීම සඳහා “Lunar Reactor 1” මෙහෙයුම දියත් කිරීමටත්, ඉදිරියේදී දැවැන්ත න්‍යෂ්ටික බල පද්ධති සංවර්ධනය කිරීමටත් නාසා ආයතනය අපේක්ෂා කරයි.




