WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

කුවේට් ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලබයි

I
Ishanka Jayasuriya
June 3, 2026 · 1 min read
78 viewsf𝕏W
කුවේට් ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලබයි
කුවේට්හි ප්‍රධාන ගුවන් තොටුපළ වෙත ඊයෙ (03) එල්ල වූ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඔවුන් සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බලා අවශ්‍ය සහාය ලබාදීමට පියවර ගෙන ඇති බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා සඳහන් කළේය.
තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් තිදෙනා විදුලි සෝපාන අලුත්වැඩියා කාර්මික ශිල්පීන් ලෙස සේවය කරමින් සිටි බවද වාර්තා වෙයි.
මේ අතර, පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ කුවේට් බලධාරීන් නිකුත් කරන උපදෙස් සහ මාර්ගෝපදේශ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් තානාපති කාර්යාලය ඉල්ලීමක් කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විභාග අයදුම්පත් සඳහා ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි
Next
හොරණ වැඩිහිටි නිවාස ගින්නේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද

More in World