ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන සියලු විභාග සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව නිවේදනය කර තිබේ.
2026 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් කඩිනමින් සකස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් සියලුම විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති බවද සඳහන් වේ.
ඒ අනුව, අයදුම්පත් කැඳවීම ආරම්භ වීමට පෙර තම ජාතික හැඳුනුම්පත ලබාගැනීම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ වගකීමක් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.




