මියන්මාරයේ චීන දේශසීමාවට ආසන්න කුන්ග් ටැට් ගම්මානයේ සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කැරලිකාර කණ්ඩායමක පාලනය යටතේ පවතින එම ප්‍රදේශයේ පතල් කැණීම් කටයුතු සඳහා ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්වැරදීමකින් පුපුරා යාම මෙම අනතුරට හේතු වී ඇති බවට සැක පළ කරන බවයි.
පිපිරීමෙන් විශාල දේපළ හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තවදුරටත් අනාවරණය වෙමින් පවතිනවා




