කොළඹ ජාතික රෝහලේ ප්‍රතිසංස්කරණය කරන ලද ස්නායු රෝග විද්‍යායතනය අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
රුපියල් මිලියන 99ක වියදමින් ප්‍රතිසංස්කරණය කර ඇති මෙම ආයතනය, එක් වාට්ටුවකට රෝගී ඇඳන් 22 බැගින් සහිත කාන්තා හා පිරිමි වාට්ටු දෙකකින් සමන්විත වනවා.
මොළය, සුෂුම්නාව, ස්නායු හා පේශි පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම සහ විශේෂිත සෞඛ්‍ය සේවා සැපයීම මෙම ආයතනය මඟින් සිදු කෙරෙනු ඇති.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් සංවර්ධන පියවරක් ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ස්නායු රෝගීන් සඳහා වඩාත් පුළුල්, නවීන හා කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.




