WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
HealthBreaking

දුර්ලභ ඉබෝලා ප්‍රභේදයට නව එන්නතක්

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
203 viewsf𝕏W
දුර්ලභ ඉබෝලා ප්‍රභේදයට නව එන්නතක්
කොංගෝ රාජ්‍යයේ පැතිර යන දුර්ලභ “බන්ඩිබුගියෝ” ඉබෝලා වෛරස් ප්‍රභේදයට එරෙහිව නව එන්නතක් සංවර්ධනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම එන්නත සංවර්ධනය කරන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් වන අතර, ඉදිරි මාස 2ත් 3ත් අතර කාලය තුළ සායනික පරීක්ෂණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
“බන්ඩිබුගියෝ” ප්‍රභේදය වැළඳෙන පුද්ගලයන්ගෙන් තුනෙන් එකක් පමණ මිය යන අතර, මේ වන විට කොංගෝ රාජ්‍යයෙන් මරණ 177ක් වාර්තා වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයද එරට සෞඛ්‍ය අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම නව එන්නත නිපදවීම සඳහා භාවිත කරන්නේ කොවිඩ් වසංගත සමයේ ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනයට යොදාගත් ChAdOx1 තාක්ෂණයයි.
චිම්පන්සි වෛරසයක් වෙනස් කර මිනිසාට හානි නොවන ආකාරයට සකස් කර, ඉබෝලා වෛරසයට එරෙහිව සටන් කිරීමට මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම මෙහිදී සිදු කෙරෙනවා.
දැනට සතුන් යොදාගෙන පරීක්ෂණ සිදුකරන අතර, ඒවා සාර්ථක වුවහොත් ඉන්දියාවේ “සීරම් ඉන්ස්ටිටියුට්” ආයතනය මගින් එන්නත විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට නියමිතයි.
මෙම එන්නත කොවිඩ් එන්නත මෙන් සමස්ත ජනතාවට ලබා නොදී, “රිං වැක්සිනේෂන්” ක්‍රමයට රෝගීන්ගේ සමීපතයන් සහ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතාවයෙන් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මෙනින්ජයිටීස් රෝගීන් 200ක් වාර්තා වෙයි
Next
පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ට විශේෂ වැඩසටහනක්

More in Health