WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
HealthBreaking

මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237ක් වාර්තා වෙයි

I
Ishanka Jayasuriya
June 1, 2026 · 1 min read
189 viewsf𝕏W
මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237ක් වාර්තා වෙයි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වනවිට මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේ සඳහන් කළේ, මේ වනවිට වැඩි වශයෙන් හඳුනාගෙන ඇත්තේ වෛරස් ආසාදන හේතුවෙන් ඇතිවන මෙනින්ජයිටීස් රෝගීන් බවයි.
මෙම රෝගී තත්ත්වය ප්‍රථමයෙන් අප්‍රේල් 15 වනදා මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, පසුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින්ද රෝගීන් හඳුනාගෙන තිබෙනවා.
වාර්තා වූ රෝගීන් අතර බහුතරය පාසල් දරුවන් වන අතර, ඊයේ (31) පස්වරුව වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් 59 දෙනෙකු පමණක් බවත්, සෙසු සියලු දෙනා සුවය ලබා පිටව ගොස් ඇති බවත් ඇය සඳහන් කළාය.
උණ, දැඩි හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇති අතර, වෛරස් මෙනින්ජයිටීස් රෝගය බොහෝවිට දින කිහිපයක් තුළ සුවය ලබන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පිරිසිදු පානීය ජලය භාවිත කිරීම, ජලය උණුකර නිවා පානය කිරීම, දරුවන් අතර ආහාර හා පාන හුවමාරු නොකිරීම සහ පුද්ගලික සෞඛ්‍යාරක්ෂක පුරුදු පිළිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
කෙටි හෙඩ්ලයින්
මෙනින්ජයිටීස් සැක රෝගීන් 237ක් – පාසල් දරුවන් වැඩි අවදානමක
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉබෝලා සහ මෙනින්ජයිටිස් ගැන සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන්
Next
ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ජුනි 26 දා යළි කැඳවයි

More in Health