මේ වනවිට මෙනින්ජයිටීස් රෝගීන් 200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පැවසුවේ, මේ වනවිට දිස්ත්‍රික්ක 4ක රෝගීන් 50ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
රෝගීන්ගේ ප්‍රමාණය අඩුවෙමින් පවතින නමුත්, එළැඹෙන වැසි සමය තුළ රෝගය පැතිරීමේ අවදානමක් පවතින බැවින් අවධානයෙන් සිටිය යුතු බවද ඇය පෙන්වා දී තිබෙනවා.
උණුකර නිවාගත් ජලය පානය කිරීම වැදගත් බවත්, රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල් නොයැවිය යුතු බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
එමෙන්ම රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් ජනතාව රැස්වන ස්ථානවලට නොයා සිටීම වඩාත් සුදුසු බවද දැනුම් දී තිබෙනවා.
දෙණියාය ප්‍රදේශයේ පාසල් සිසුන් අතර ආරම්භ වූ රෝගය මේ වනවිට දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩ රෝහල් මගින්ද වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
ඒ අනුව එම ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර, සමහර පාසල් දින කිහිපයකට වසා දැමීමටද පියවර ගෙන තිබෙනවා.
මෙනින්ජයිටීස් රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස උණ, හිසරදය සහ වමනය දැක්වෙන අතර, දින 7ක් ඇතුළත බොහෝ අවස්ථාවල සුවය ලැබිය හැකි බවද වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
කැස්ස සහ කිවිසුම් මගින් පිටවන බිඳිති හරහා මෙන්ම සමීප ඇසුර මගින්ද රෝගය පැතිරිය හැකි බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා.




