ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ජුනි මස 26 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු බුද්ධික C. රාගල විසින් නඩුව විභාගයට දින නියම කිරීම සඳහා ජුනි 26 වනදා යළි කැඳවන ලෙස නියම කළා.




