WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඩොලරයේ අගය යළි ඉහළට

I
Ishanka Jayasuriya
June 1, 2026 · 1 min read
202 viewsf𝕏W
ඩොලරයේ අගය යළි ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.97ක් ලෙස සටහන් වී ඇති අතර, විකුණුම් මිල රුපියල් 335.70ක් ලෙස දැක්වෙනවා.
පසුගිය මැයි 29 වනදා ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45ක් වූ අතර, විකුණුම් මිල රුපියල් 334.24ක් ලෙස වාර්තා වී තිබුණා.
ඒ අනුව දින කිහිපයක් ඇතුළත ඩොලරයේ ගැනුම් හා විකුණුම් අගයන් දෙකම ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 335 සීමාව ද ඉක්මවා ගොස් තිබෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ජුනි 26 දා යළි කැඳවයි
Next
මීගොඩ දන්සල් ඛේදවාචකයේ රියදුරු රිමාන්ඩ් බාරයට

More in Breaking News