WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මීගොඩ දන්සල් ඛේදවාචකයේ රියදුරු රිමාන්ඩ් බාරයට

I
Ishanka Jayasuriya
June 1, 2026 · 1 min read
201 viewsf𝕏W
මීගොඩ දන්සල් ඛේදවාචකයේ රියදුරු රිමාන්ඩ් බාරයට
හයිලෙවල් පාරේ මීගොඩ මංසන්ධිය ආසන්නයේ පැවති දන්සැලක පෝලිමේ සිටි පිරිසක් අතරට කැබ් රථයක් කඩා වැදී කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන ජුනි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
බන්ධනාගාරගත කෙරුණේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ප්‍රදීප් කුමාර නොහොත් "ගරාජ් කුමාර" නමැති පුද්ගලයෙකි.
මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම සහ අනතුරක් වැළැක්වීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා 10ක් යටතේ මීගොඩ පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව එම දෙදෙනාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. 
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඩොලරයේ අගය යළි ඉහළට
Next
ප්‍රනාන්දුගේ පෙත්සම ජුනි 17 දා කැඳවයි

More in Breaking News