වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු මත්පැන් බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ සැකකරු සිසිල් බීම බෝතල් තුළ අරක්කු දමා බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කර ඇති අතර, පරීක්ෂා කිරීමේදී එය අනාවරණය වූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු පසුව බොරැල්ල පොලිසියට භාරදී ඇති අතර, ඊයේ (31) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අදාළ නඩුවට චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව හෙට (02) ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ යළි කැඳවීමට නියමිත බව වාර්තා වනවා.
කෙටි හෙඩ්ලයින්
මහින්දානන්ද බැලීමට ගිය අයෙක් අරක්කු සමඟ බන්ධනාගාර දොරටුවේදී කොටු වෙයි




