.
පොලිසිය සඳහන් කළේ මියගිය අය අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටින බවයි.
අනතුරින් තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කැබ් රථයේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවට සැක පළවන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර රියදුරා පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




