Min Aung Hlaingමියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී තෝරාපත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාර්ලිමේන්තුවේ ආසන 584ක් අතරින් හමුදා හිතවාදී මන්ත්‍රීවරුන් 429 දෙනෙකුගේ සහාය ඔහුට ලැබී ඇති බව සඳහන් වේ.
Aung San Suu Kyi සහ හිටපු ජනාධිපතිවරයා 2021 වසරේදී අත්අඩංගුවට ගෙන බලය තමන් සතු කරගත් මින් අන්ග් හලින්ග්, වසරකින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට පොරොන්දු වූවද, එය ඉටු කර නොමැති බවද වාර්තා වේ.
පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල පැවැති මහමැතිවරණයේදී හමුදා සහාය ලබන Union Solidarity and Development Party පාර්ලිමේන්තු ආසනවලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත.
තවද, පාර්ලිමේන්තු ආසනවලින් සතරෙන් එකක ප්‍රමාණයක් මැතිවරණයකින් තොරවම සක්‍රීය හමුදා සාමාජිකයින් සඳහා වෙන් කර තිබූ බවද වාර්තා වේ.




