WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Technology

“ආටිමිස් II යානය දින 4කින් සඳ වෙත

I
Ishanka Jayasuriya
April 3, 2026 · 1 min read
386 viewsf𝕏W
“ආටිමිස් II යානය දින 4කින් සඳ වෙත
Artemis II mission යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් Orion spacecraft අභ්‍යවකාශ යානය තවත් දින 4කින් සඳ වෙත ළඟා වීමට නියමිත බව NASA නිවේදනය කර තිබේ.
යානය මේ වන විට පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව සඳ වෙත ගමන් ආරම්භ කර ඇත. අමෙරිකානු වේලාවෙන් බදාදා ආරම්භ වූ මෙම මෙහෙයුම සැලසුම් පරිදි සිදු වුවහොත්, අප්‍රේල් 6 වනදා ඔරියන් යානය සඳෙහි මිනිස් ඇසට නොපෙනෙන අනෙක් පැත්ත වටා ගමන් කිරීමට නියමිතයි.
1972 වසරෙන් පසු වසර 50කට අධික කාලයකින් පසුව, සඳේ කක්ෂය වෙත සිදු කරන ප්‍රථම මිනිස් මෙහෙයුම මෙය බවට පත්වේ.
මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ, ඉදිරි වසරවලදී සඳ මත මිනිසුන් ගොඩබැස්වීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමයි.
Kennedy Space Center හි සිට අමෙරිකානු වේලාවෙන් පස්වරු 18:24 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3:54ට) යානය ගුවන්ගත කර ඇති අතර, මෙය දින 10ක මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වෙයි.
මෙය මෑත ඉතිහාසයේ සඳ ආශ්‍රිතව සිදු කෙරෙන වැදගත්ම මිනිස් අභ්‍යවකාශ මෙහෙයුමක් ලෙස සැලකෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
“නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම දිවයිනට
Next
මියන්මාරයේ නව ජනාධිපති ලෙස ජෙනරාල් මින් අන්ග් හලින්ග් පත්වේ

More in Technology