WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
TechnologyBreaking

පහසුකම් රැසක් සමග AI Assistant ළඟදීම

I
Ishanka Jayasuriya
May 21, 2026 · 2 min read
159 viewsf𝕏W
පහසුකම් රැසක් සමග AI Assistant ළඟදීම
ලොව පුරා පරිශීලකයින් වෙනුවෙන් ස්වයංක්‍රීයව කාර්යයන් ඉටු කළ හැකි නවතම කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් රැසක් Google සමාගම විසින් හඳුන්වා දී තිබේ.
එම නව නිෂ්පාදන එළිදැක්වුණේ Google සමාගමේ වාර්ෂික සංවර්ධක සමුළුව වන Google I/O 2026 අවස්ථාවේදීය. මෙවර සමුළුවේ වැඩිම අවධානයක් හිමිවූයේ “Agentic AI” හෙවත් පරිශීලකයා වෙනුවෙන් ස්වාධීනව ක්‍රියා කළ හැකි AI තාක්ෂණයටයි.
මෙහිදී Google විසින් හඳුන්වා දුන් “Gemini Spark” නව AI සහායකයාට ඊමේල් පරීක්ෂා කිරීම, රැස්වීම් සටහන් වර්ගීකරණය කිරීම සහ දෛනික කාර්ය ලැයිස්තු සකස් කිරීම වැනි කටයුතු ස්වයංක්‍රීයව සිදු කළ හැකි බව සඳහන් වේ.
Google ප්‍රධාන විධායක නිලධාරී Sundar Pichai පැවසුවේ, “Agentic Gemini” යුගයට Google නිල වශයෙන් පිවිස ඇති බවයි.
එමෙන්ම පසුගිය වසරේ මිලියන 400ක් වූ Gemini භාවිතකරුවන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 900 ඉක්මවා ගොස් ඇති බවද අනාවරණය කෙරිණි.
Google සමාගම නව “Gemini 3.5” AI මාදිලි පෙළද මෙහිදී හඳුන්වා දුන්නේය. “Gemini 3.5 Flash” වේගවත් ක්‍රියාකාරීත්වය සහ Coding කටයුතු සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර, එය අනෙකුත් මාදිලිවලට වඩා සිව් ගුණයකින් වේගවත් බව සඳහන් වේ.
තවද, Text, Images සහ Audio උපදෙස් භාවිතයෙන් තාත්වික වීඩියෝ නිර්මාණය කළ හැකි “Gemini Omni” නව AI මාදිලියද හඳුන්වා දී ඇත. ව්‍යාජ භාවිතය වැළැක්වීම සඳහා එම වීඩියෝවලට “SynthID” නමැති Digital Watermark තාක්ෂණයද ඇතුළත් කර තිබේ.
මේ අතර Google Search සඳහා වසර 25කට පසු විශාලතම යාවත්කාලීන කිරීමද සිදු කරමින් “Intelligent Search Box” නව විශේෂාංගය හඳුන්වා දී ඇත.
එමගින් දිගු ප්‍රශ්න, රූප, වීඩියෝ සහ Chrome Tabs පවා Search inputs ලෙස භාවිත කළ හැකි අතර AI මගින් අදාළ පිළිතුරු සහ යෝජනා ලබාදෙනු ඇත.
Shopping අත්දැකීම වෙනස් කරමින් “Universal Cart” නව AI මෙවලමද හඳුන්වා දී ඇති අතර, Google, YouTube සහ Gmail තුළ දකින භාණ්ඩ එකම Cart එකකට එකතු කරමින් මිල අඩුවීම් සහ දීමනා පිළිබඳව පරිශීලකයාට දැනුම් දීමට එයට හැකියාව පවතින බව Google සමාගම සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී පාද වාරයේ මත්ද්‍රව්‍ය වැටලීම් 322ක්
Next
වසර 12ක් ඇදුණු නඩුවෙන් ගායක ‘චිලී’ වැරදිකරු වෙයි

More in Technology