WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
TechnologyBreaking

Gates පදනමෙන් ශ්‍රී ලංකාවේ AI ගමනට සහාය

I
Ishanka Jayasuriya
May 19, 2026 · 1 min read
169 viewsf𝕏W
Gates පදනමෙන් ශ්‍රී ලංකාවේ AI ගමනට සහාය
සිංගප්පූරුවේ පැවැති Asia Tech 2026 සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ AI සංවර්ධනය වේගවත් කිරීම සඳහා Gates Foundation සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ “AI for Public Good” වැඩසටහන සහ ජාතික AI උපායමාර්ගය සඳහා තාක්ෂණික හා උපදේශන සහාය ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ AI ප්‍රතිපත්ති මාලාව සමාලෝචනය කිරීමටත්, ඩිජිටල් රාජ්‍ය යටිතල පහසුකම් සහ දත්ත මත පදනම් වූ උපායමාර්ග ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වය අතර තාක්ෂණික සංවාද ආරම්භ කිරීමටත් එකඟතාව පළ වී ඇත.
තවද, “Inclusive Digital Agriculture Transformation” (IDAT 2) ව්‍යාපෘතිය ගොවි-කේන්ද්‍රීය ආකාරයෙන් ඉදිරියට ගෙනයාම, AI තාක්ෂණය ඔස්සේ ගොවීන්ට ඩිජිටල් උපදේශන සේවා ලබාදීම සහ වෙළෙඳපොළ ප්‍රවේශය වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පු⁣ටින් චීනයට
Next
වෙසක් දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි

More in Technology