එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන සියලු දන්සැල් ලියාපදිංචි කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ප්‍රකාශ කරයි.
ඔහු සඳහන් කළේ, අදාළ දන්සැල් සඳහා ළඟම පිහිටි සෞඛ්‍ය සේවා කාර්යාලය හරහා ලියාපදිංචි විය හැකි බවයි.
එමෙන්ම සෞඛ්‍ය අංශයෙන් ලබාදෙන උපදෙස් අනුව සුරක්ෂිත හා සෞඛ්‍යාරක්ෂිත ආහාර සැපයීම සඳහා සංවිධායකයින් කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
වෙසක් දන්සැල් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පසුගිය 04 වැනිදා සිට ආරම්භ කර ඇති බවද වාර්තා වෙයි.




