නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ භාවිත කරමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වටලා විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය පාරේ පිහිටි ගොඩනැගිල්ලක මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඊයේ (19) මෙම වැටලීම සිදුකර ඇත.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය එක්ව කළ මෙහෙයුමේදී, නීතිවිරෝධීව මෙරටට ගෙන්වා තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් සම්ප්‍රේෂණ උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකු වන අතර ඔහු කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.




