ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත UNISEF විධායක මණ්ඩල නියෝජිත පිරිස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී දරුවන්ගේ අයිතිවාසිකම් හා යහපැවැත්ම සම්බන්ධ කරුණු පිළිබඳ සාකච්ඡා කළහ.
එහිදී දරුවන් සඳහා නීතිමය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම, දරුවන්ට එරෙහි හිංසන වැළැක්වීම සහ ළමා මන්දපෝෂණය අවම කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා රට තුළ ශක්තිමත් නීතිමය හා ප්‍රතිපත්තිමය පදනමක් පවතින නමුත් එම නීති හා ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
එසේම, පසුගිය ආපදා තත්ත්වයන්හිදී UNISEF ලබාදුන් කඩිනම් සහන හා ප්‍රතිසාධන සහාය වෙනුවෙන් ඇය සිය ස්තුතිය ද පළ කළාය.
මේ අතර, රජය ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන් අගය කළ නියෝජිත පිරිස, දරුවන් කේන්ද්‍ර කරගත් සංවර්ධන වැඩසටහන් සඳහා ඉදිරියටත් සහාය ලබාදීමට කැමැත්ත පළ කළහ.
මෙම හමුව දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.




