WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සුරේෂ් සලේ දැඩි ආරක්ෂාව මැද අධිකරණයට

I
Ishanka Jayasuriya
May 20, 2026 · 1 min read
158 viewsf𝕏W
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාව මැද අධිකරණයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ අද (20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, අද දහවල් මෙම නඩුව කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ ඉකුත් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉන් අනතුරුව ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව සඳහන්.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අත්තිඩියේ රහස් රූපවාහිනී මධ්‍යස්ථානයක් වටලයි
Next
කපිල චන්ද්‍රසේනගේ ඇපකරුවන්ට අධිකරණයෙන් ඇප

More in Breaking News