WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේනගේ ඇපකරුවන්ට අධිකරණයෙන් ඇප

I
Ishanka Jayasuriya
May 20, 2026 · 2 min read
190 viewsf𝕏W
කපිල චන්ද්‍රසේනගේ ඇපකරුවන්ට අධිකරණයෙන් ඇප
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි බව කියන පුද්ගලයන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අද (20) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා විසින් ඇප මත මුදා හැර තිබෙනවා.
සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කිරීමට නියෝග කළා.
එමෙන්ම, ඇප තබන පුද්ගලයන්ගේ පදිංචිය තහවුරු කරන ග්‍රාම නිලධාරී සහතික සහ වත්කම් පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන්, බී.ඒ. තිස්ස සහ පෙරුමාල් ගනේෂ් යන සැකකරුවන්ය.
සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ, පළමු සහ දෙවන සැකකරුවන් 2026 ජනවාරි සිට මැයි දක්වා ග්‍රාම සේවක සහතික 17ක් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
අධිකරණයේදී කරුණු දක්වමින් පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් අතර කිසිදු ඥාතී සම්බන්ධතාවයක් නොතිබූ අතර, අධිකරණ භූමිය තුළින්ම ඇප ලබාදීමේ කටයුතු සංවිධානය වී ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි.
එමෙන්ම, ඇප ලබාගත් පුද්ගලයා මේ වනවිට මියගොස් ඇති අතර, එම මරණයට මෙම සිද්ධිය සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, නිශ්චිත චෝදනා ඉදිරිපත් නොකර තම සේවාදායකයන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව යළි ජුනි 25 වැනිදා කැඳවීමට නියම කළා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාව මැද අධිකරණයට
Next
ඉබෝලා අවදානමට ශ්‍රී ලංකාවෙන් විශේෂ සූදානමක්

More in Breaking News