WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
HealthBreaking

ඉබෝලා අවදානමට ශ්‍රී ලංකාවෙන් විශේෂ සූදානමක්

I
Ishanka Jayasuriya
May 20, 2026 · 1 min read
315 viewsf𝕏W
ඉබෝලා අවදානමට ශ්‍රී ලංකාවෙන් විශේෂ සූදානමක්
ඉබෝලා වෛරස් ව්‍යාප්තිය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට විශේෂ පියවර 5ක් සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (20) නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, කොංගෝ සහ උගන්ඩා රාජ්‍යයන් තුළ මේ වන විට ඉබෝලා වසංගත තත්ත්වයක් පවතින බවයි.
ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ගුවන්තොටුපළ නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම, සැක සහිත රෝගීන් සඳහා IDH රෝහල පෙර සූදානම් කිරීම, රෝග හඳුනාගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සූදානම් කිරීම, රට තුළ ආවේක්ෂණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සහ WHO සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ශ්‍රී ලංකාව ඉබෝලා වෛරසය සඳහා අඩු අවදානම් රටක් ලෙස නම් කර ඇති බවත්, ජනතාව අනවශ්‍ය භීතියකට පත්වීම අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කපිල චන්ද්‍රසේනගේ ඇපකරුවන්ට අධිකරණයෙන් ඇප
Next
ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවයි

More in Health