SpaceX සමාගම විසින් නිෂ්පාදනය කළ ලොව විශාලතම සහ ප්‍රබලතම රොකට්ටුව ලෙස සැලකෙන Starship පසුගිය සිකුරාදා ඇමරිකාවේ Texas ප්‍රාන්තයෙන් සාර්ථකව අභ්‍යවකාශයට මුදාහැර තිබුණි.
සඳ ගවේෂණ මෙහෙයුම් සඳහා NASA ආයතනය භාවිත කිරීමටද සැලසුම් කර තිබූ මෙම රොකට්ටුව, ගමනාන්තයට ආසන්න අවස්ථාවේදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවනේදීම පිපිරී විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පිපිරීමෙන් පසු රොකට්ටුවේ සුන්බුන් ඉන්දියානු සාගරයට වෙත පතිත වී තිබේ.
කෙසේවෙතත්, පරීක්ෂණ මට්ටමේ පවතින අභ්‍යවකාශ ව්‍යාපෘති සංවර්ධනය කිරීමේදී මෙවැනි බිඳවැටීම් සහ අසාර්ථකත්වයන් සාමාන්‍ය බව SpaceX සමාගම සඳහන් කරයි




