WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

නාච්චදූවෙන් ලොකු ලූනු බීජ ගම්මානයක්

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
177 viewsf𝕏W
නාච්චදූවෙන් ලොකු ලූනු බීජ ගම්මානයක්
දේශීය ලොකු ලූනු වගාව ශක්තිමත් කිරීමේ අරමුණින් අනුරාධපුර නාච්චදූව ගොවි ජනපදය ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ විසිපන්දහසක් වන අතර, දේශීයව නිෂ්පාදනය වන්නේ මෙට්‍රික් ටොන් පනස්දහසක් පමණක් බව සඳහන් වේ.
ඒ අනුව මෙම වසර තුළ දේශීය ලොකු ලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හැත්තෑදහසක් දක්වා ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ගුණාත්මක බීජ දේශීයව නිපදවීම මඟින් බීජ ආනයනය සඳහා වැයවන මුදල් අවම කර ගැනීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
මෙම ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට පැවැත්වීමට නියමිතය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ගමනාන්තයට ළඟාවෙද්දී Starship රොකට්ටුව ගුවනේදී විනාශ වෙයි
Next
නායයෑම් අවදානම් ප්‍රදේශවලට යළි අනතුරු ඇඟවීම්

More in Breaking News