පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.
අද පෙරවරු 6 සිට හෙට පෙරවරු 6 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රදේශවල ජනතාවට වැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම්දී ඇත.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රදේශවලටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඊට අමතරව කොළඹ, ගම්පහ, කළුතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ රැසකට විමසිලිමත් බවින් කටයුතු කරන ලෙස දැනුම්දී ඇත.




