ධවල මන්දිරය අසළ සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු අමෙරිකානු ආරක්ෂක අංශ වෙඩි තබා ඝාතනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, සෙනසුරාදා පස්වරුවේ ධවල මන්දිරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ආසන්න වීදියක මෙම සිද්ධිය සිදුව ඇති බවය.
වෙඩි වැදී තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, සිද්ධියෙන් තවත් සිවිල් වැසියෙකුද තුවාල ලබා තිබේ.
සිද්ධියෙන් අනතුරුව රහස් ඔත්තු සේවා සහ පොලිස් කණ්ඩායම් වහාම එම ප්‍රදේශය වටලා ආරක්ෂාව තර කර ඇති අතර, ධවල මන්දිරය අවට මාර්ග කිහිපයක්ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
ආරක්ෂක අංශ නිලධාරීන් කිසිවෙකුටත් මෙම වෙඩි හුවමාරුවෙන් හානියක් සිදුව නොමැති බව වාර්තා වෙයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය තුළ සිට ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.




