WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ජාතික කලා භවනේ චිත්‍ර අතුරුදන්වීම ගැන 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

I
Ishanka Jayasuriya
May 23, 2026 · 1 min read
199 viewsf𝕏W
ජාතික කලා භවනේ චිත්‍ර අතුරුදන්වීම ගැන 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි
ජාතික කලා භවනේ චිත්‍ර 42ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.
විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, අස්ථානගත වූ චිත්‍ර අතර මිල කළ නොහැකි පැරණි සිතුවම් මෙන්ම මෙරට ප්‍රසිද්ධ 43 කණ්ඩායමේ නිර්මාණ කිහිපයක්ද ඇති බවයි.
මෙම සිද්ධිය පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ හිනිදුම සුනිල් සෙනවි ය.
තවද අස්ථානගත වූ චිත්‍රවල සේයාරූ හෝ නිසි තොරතුරු නොමැති බැවින් ඒවා හඳුනාගැනීමද දැඩි ලෙස අපහසු වී තිබේ.
1987 වසරේ තොග ලේඛනයේ සඳහන් වූ චිත්‍ර 42ට අදාළ ලේඛනයද මේ වනවිට අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම 2008 වසරේ සකස් කළ චිත්‍ර ඇල්බමයේ තිබූ චිත්‍ර 247න් මේ වනවිට කලා භවන තුළ පවතින්නේ චිත්‍ර 233ක් පමණක් බවද අනාවරණ වී ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, කලා භාණ්ඩ සම්බන්ධයෙන් නිසි ලේඛන පවත්වාගෙන නොයාම සහ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
මෙම චිත්‍ර විනාශ වී ඇතිද, සොරකම් කර ඇතිද, නැතහොත් වෙනත් ආකාරයකින් අතුරුදන් වී ඇතිද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
එල්පීඑල් ක්‍රීඩක තේරීමට විදෙස් ක්‍රීඩකයින් 650ක්
Next
ගමනාන්තයට ළඟාවෙද්දී Starship රොකට්ටුව ගුවනේදී විනාශ වෙයි

More in Breaking News