මෙවර පැවැත්වීමට නියමිත Lanka Premier League 2026 ක්‍රිකට් තරගාවලියේ 6 වන අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය දරන සියලු රටවල් මෙන්ම සහකාර සාමාජික රටවල් කිහිපයක ක්‍රීඩකයින්ද මෙවර ලියාපදිංචි වී ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත්, විශේෂ පරීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව ක්‍රීඩකයින් 310 දෙනෙකු පමණක් ජූනි 1 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක කෙටුම්පත සඳහා තෝරා ගැනීමට නියමිතය.
මෙවර තරගාවලිය සඳහා රටවල් 21ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති අතර, වැඩිම ක්‍රීඩකයින් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය යන රටවලින් බව ද වාර්තා වෙයි.
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය එළඹෙන ජූලි 17 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.




