2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (31) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර ශූරතාව සඳහා තරග වදින්නේ Gujarat Titans ගුජරාට් ටයිටන්ස් සහ Royal Challengers Bengaluru රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් දෙකයි.
පසුගිය වසරේ අයිපීඑල් ශූරතාව දිනාගත් බැංගලෝර් පිලට සිය ශූරතාව රැක ගැනීමේ අභියෝගය තිබෙන අතර, 2022 වසරේ ශූරයන් වූ ගුජරාට් පිල නැවතත් කුසලානය තමන් සතු කර ගැනීමේ අරමුණින් පිටියට පිවිසෙයි.
ඒ අනුව මෙවර අවසන් මහා තරගය, ශූරතා අභිලාෂයෙන් පිරුණු ප්‍රබල කණ්ඩායම් දෙකක් අතර උණුසුම් තරගයක් වනු ඇතැයි ක්‍රිකට් ලෝලීන් අපේක්ෂා කරයි.




