වසර කිහිපයකට පසු දිස්වන “නිල් සඳ” ලෙස හැඳින්වෙන චන්ද්‍ර සංසිද්ධිය අද (31) රාත්‍රියේදී දැකබලා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.
අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේ, මෙම සංසිද්ධිය ඇතැම් අවස්ථාවල වසර දෙකකට වරක් ද, විශේෂ තත්ත්වයන් යටතේ වසර 19කට වරක් ද නිරීක්ෂණය කළ හැකි බවයි.
“නිල් සඳ” යනුවෙන් හැඳින්වුවද චන්ද්‍රයා සැබවින්ම නිල් පැහැයෙන් දිස් නොවන අතර, එය එක් මාසයක් තුළ ඇතිවන දෙවැනි පුර පසළොස්වක පොහොය හෝ ඍතුමය චන්ද්‍ර චක්‍රයක අතිරේක පුර සඳක් හැඳින්වීමට භාවිත කරන නාමයකි.
අහස පැහැදිලි ප්‍රදේශවල සිටින ජනතාවට මෙම දුර්ලභ චන්ද්‍ර සංසිද්ධිය අද රාත්‍රියේ නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




