ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට යෝජනා කර ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව මීටර භාවිත කරමින් ධාවනය වන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ත්‍රිරෝද රථ සඳහා පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 130 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.
සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා සඳහන් කළේ, පසුගිය අවස්ථා දෙකේදී පමණක් පෙට්‍රල් මිල රුපියල් 36කින් ඉහළ ගොස් ඇති අතර, එම බර තවදුරටත් දරාගෙන සේවාව පවත්වාගෙන යාම අපහසු වී ඇති බවයි.
ඉන්ධන මිලට අමතරව ග්‍රීස්, එන්ජින් ඔයිල් ඇතුළු ලිහිසි තෙල් වර්ග සහ අමතර කොටස්වල මිල ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම ගාස්තු සංශෝධන යෝජනාව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මිල පාලන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය අනුමත වුවහොත් ත්‍රිරෝද රථ මූලික ගාස්තුව රුපියල් 130 දක්වා ඉහළ යනු ඇත.




