හුංගම කලමැටිය මුහුදු තීරයේ නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ ළමයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
ඊයේ (30) මෙම වෙරළ තීරයේ දිය නෑමට ගිය වයස අවුරුදු 12, 17 සහ 18 යන වයස්වල පසුවන පිරිමි ළමයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා ප්‍රදේශවාසීන්, පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.
එම මෙහෙයුම් අතරතුර අතුරුදන් වූ ළමයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
අනෙක් ළමයා සොයා වැඩිදුර සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවද වාර්තා වේ




