WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දිවයින පුරා සිදුවූ රථ වාහන අනතුරුවලින් මරණ 5ක්

I
Ishanka Jayasuriya
May 31, 2026 · 1 min read
165 viewsf𝕏W
දිවයින පුරා සිදුවූ රථ වාහන අනතුරුවලින්  මරණ 5ක්
ඊයේ (30) දිනයේ මහියංගණය, වැලිවේරිය, ගලිගමුව, මීරිගම සහ ඇල්පිටිය යන ප්‍රදේශවල සිදුවූ රථ වාහන අනතුරු මාලාවකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මහියංගණය, කෙසෙල්පොත ඉකිරියගොඩ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති අතර, වැලිවේරිය දෙල්ගොඩ මාර්ගයේ සිදුවූ අනතුරකින් 59 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගයේ සිදුවූ අනතුරකින් 70 හැවිරිදි පදිකයෙකු මියගොස් ඇති අතර, මීරිගම ප්‍රදේශයේ ලොරි සහ ත්‍රීරෝද රථ ගැටුමකින් 53 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ සිදුවූ තවත් ලොරි රථ අනතුරකින් 46 හැවිරිදි පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.
අදාළ සියලුම අනතුරු සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හුංගම මුහුදේ දියේ ගිලී අතුරුදන් වූ ළමයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
Next
ශ්‍රී පාද වන්දනා සමය අවසන්

More in Breaking News