WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශ්‍රී පාද වන්දනා සමය අවසන්

I
Ishanka Jayasuriya
May 31, 2026 · 1 min read
189 viewsf𝕏W
ශ්‍රී පාද වන්දනා සමය අවසන්
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් නිල වශයෙන් අවසන් විය.
ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සඳහන් කළේ, වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ බවයි.
ආගමික වතාවත්වලින් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පෙරහරින්  ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදුකෙරුණු බව උන්වහන්සේ පැවසූහ.
ඒ අනුව රත්නපුර මාර්ගය ඔස්සේ ගමන් කළ පෙරහර අද (31) අලුයම ශ්‍රී පාද උඩමළුවේ සිට ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පැමිණ තිබේ.
වැඩම කරවූ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එම විහාරස්ථානයේ තැන්පත් කර තබන බව ද ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ. 
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දිවයින පුරා සිදුවූ රථ වාහන අනතුරුවලින් මරණ 5ක්
Next
ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු වෙනස් නොවේ

More in Breaking News