WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අදත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්නැයි ඉල්ලීමක්

I
Ishanka Jayasuriya
May 31, 2026 · 1 min read
141 viewsf𝕏W
අදත්  සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්නැයි ඉල්ලීමක්
ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අද (31) පෙ.ව. 8 සිට ප.ව. 3 දක්වා කාලය තුළ වහල මත සවි කර ඇති සූර්ය පැනල පද්ධති ස්වේච්ඡාවෙන් ක්‍රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා තිබේ.
වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් විදුලි ඉල්ලුම අපේක්ෂිත මට්ටමට වඩා වේගයෙන් පහළ යාමත්, සූර්ය බලශක්තියෙන් ජනනය වන විදුලිය ඉහළ යාමත් නිසා ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවක් ඇතිවී තිබේ.
එම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඊයේ (30) දිනයේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පැය කිහිපයක් විදුලි සැපයුම බිඳ වැටුණු අතර, පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සූර්ය පැනල හිමියන්ගෙන් ද එදින ප.ව. 3 දක්වා පද්ධති ක්‍රියාවිරහිත කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
කෙසේ වෙතත්, ඊයේ ප.ව. 2.15 පමණ වන විට විදුලිය විසන්ධි වූ ප්‍රදේශවල සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව වාර්තා වෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
Next
IPL අවසන් මහා තරගය අද

More in Breaking News