මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වූ දා සිට මේ දක්වා සිදුකළ විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය රැගෙන ගිය සැකකරුවන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හැටන්, පොල්පිටිය, ගිණිගත්හේන සහ නල්ලතන්නිය යන පොලිස් ස්ථාන එක්ව වැටලීම් 336ක් ක්‍රියාත්මක කර ඇති බවයි.
එම වැටලීම්වලදී හෙරොයින්, අයිස්, ගංජා, හෑෂ්, කුෂ්, මාවා, මදන මෝදක සහ මත්පෙති ඇතුළු විවිධ තහනම් මත්ද්‍රව්‍ය තොග සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් ලක්ෂ 20යි 65,000ක දඩ මුදලක්ද අයකරගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.




