ආදරේ කියන්නේ
හිතාමතාම ගන්න
ලස්සන අවදානමක්...
කෙනෙක් ලඟ නවතින්න,
එක හිනාවකට හුරුවෙන්න,
එක කටහඬකින්
මුළු දවසම පිරෙන්න දෙන්න
මිනිස්සු බය නැතුව ඉඩ දෙනවා...
දිනෙක
ඒ අත අහිමි වෙයි කියලා දැනගෙනත්
ආදරේ කරනවා...
මොකද
සමහර හිත් වලට
ආදරේ නොකර ජීවත් වෙනවට වඩා,
රිදෙද්දිත් ආදරේ කරපු මතකයක් එක්ක
ජීවත් වෙන එක වටිනවා...
ඉතින් මිනිස්සු
risk එකක් අරන් ආදරේ කරනවා...
හැමදාම ලඟින් ඉන්න හරි,
එහෙම නැත්නම්
ජීවිතේ අන්තිම මොහොතෙත්
“කවුරුහරි මම ඇත්තටම ආදරේ කළා...”
කියලා මතක් කරගෙන
නිහඬව මැරෙන්න හරි...




