WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

I
Ishanka Jayasuriya
May 20, 2026 · 1 min read
262 viewsf𝕏W
ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට යළි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඉරානය විසින් දැඩි ප්‍රතිචාරයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානය අනතුරු අඟවා ඇත්තේ, අමෙරිකාව නැවත ප්‍රහාරයක් ආරම්භ කළහොත් එම ගැටුම මැද පෙරදිග කලාපයෙන් ඔබ්බට ලෝකයේ වෙනත් ප්‍රදේශවලටද ව්‍යාප්ත විය හැකි බවයි.
අමෙරිකාව සහ ඉරානය අතර සටන් නතර කිරීමේ එකඟතාවයකට පැමිණ සති කිහිපයක් ගතවී තිබුණද, සාම සාකච්ඡා මේ වනවිට ඇනහිට ඇති බවද වාර්තා වේ.
මේ අතර, ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ තීරණයකට ඉතා ආසන්නව සිටියද, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට අවස්ථාව ලබාදීම සඳහා අවසන් මොහොතේ එම තීරණය නතර කළ බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවයි
Next
ආදරය කියන්නෙ ජීවිතයෙ ලස්සනම අවදානමක්

More in World