WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Entertainment

යළිත් මා ජීවිත පොතේ පිටු අතර තනි විය...

නිසඳැස්

T
Tharini
May 31, 2026 · 1 min read
159 viewsf𝕏W
යළිත් මා ජීවිත පොතේ පිටු අතර තනි විය...
මාරුතය සැඩ වී
යන්නට ගියා
ආවාටත් වඩා වේගයෙන්
නොසිතූ මොහොතක.....

රිදුනු තැන් බොහොමයි
ජීවිතය තුල....
තවත් එක් පරිච්ජේදයක්
ඇරඹුණු විගසම නිමාවී..
දිරුණු පි‍ටු අතර
මතක සටහනක් විය...

පෙර මතකයක්
හදිසියේම නෙතු අද්දර
මැවී දිස්වන්නට විය..

ඒ පැරණි පරිච්චේදයේ
නිම නොවූ අවසානය
අලුත් පරිච්චේදයත්
කැන්දාගෙනම
සැගවී ගියෙන්.....

යළිත් මා ජීවිත පොතේ
පි‍ටු අතර
තනි විය......

රෙෂනි විජේසිංහ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
T
Previous
ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක ප්‍රදානයක්
Next
ඉන්දියාව සහ වියට්නාම අතර මිසයිල ගනුදෙනුවක් සඳහා ගිවිසුමක්

More in Entertainment