WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක ප්‍රදානයක්

I
Ishanka Jayasuriya
May 31, 2026 · 1 min read
199 viewsf𝕏W
ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක ප්‍රදානයක්
දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් නැගෙනහිර පළාතේ මිරිදිය ධීවරයින්ගේ ජීවනෝපාය යළි නංවාලීම සඳහා ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක් ලබාදී තිබේ.
ඊට අදාළ ගිවිසුම පසුගිය 29 වැනිදා කොළඹ ජපන් තානාපති කාර්යාලයේ  හිදී අත්සන් තබා ඇති අතර, එම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය  රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහභාගී වී ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබාදෙන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම  (FAO) සංවිධානයයි.
ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පළාතේ තෝරාගත් ජලාශ 30ක මත්ස්‍ය කූඩු 200ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, Barrage Nets පද්ධති සැපයීම, ඉඟිණියාගල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පහසුකම් වැඩිදියුණු කිරීම සහ ධීවරයින් සඳහා තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීමද ඇතුළත් වේ.
එමෙන්ම පළමු වගා වටය සඳහා අවශ්‍ය මත්ස්‍ය පැටවුන් සහ මත්ස්‍ය ආහාර නොමිලේ ලබාදීමට නියමිත බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බෙලාවියා ගුවන් සේවය නැවත ශ්‍රී ලංකා ගුවන් ගමන් ආරම්භ කරයි
Next
යළිත් මා ජීවිත පොතේ පිටු අතර තනි විය...

More in Breaking News