WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වසර 12ක් ඇදුණු නඩුවෙන් ගායක ‘චිලී’ වැරදිකරු වෙයි

I
Ishanka Jayasuriya
May 21, 2026 · 1 min read
501 viewsf𝕏W
වසර 12ක් ඇදුණු නඩුවෙන් ගායක ‘චිලී’ වැරදිකරු වෙයි
ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු වන  තිවංක විදූෂ හෙවත් “චිලී” ඩෙංගු පරීක්ෂාවකට පැමිණි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීමේ චෝදනාවකට අදාළ නඩුවකදී වැරදිකරු ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.
අදාළ තීන්දුව කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් ඊයේ (20) ප්‍රකාශයට පත් කළ අතර, දඬුවම් නියම කිරීම ලබන ජූලි 22 වනදා සිදු කිරීමට නියමිතය.
2014 වසරේදී තලංගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඩෙංගු පරීක්ෂාවක් සඳහා ගිය පොලිස් නිලධාරීන්ට බාධා කිරීම සහ පහරදීමට තැත් කළ බවට චෝදනා එල්ල වී තිබුණි.
එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු පසුව ඇප මත නිදහස් කර තිබූ අතර, වසර 12කට ආසන්න කාලයක් මෙම නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ලක්ව තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පහසුකම් රැසක් සමග AI Assistant ළඟදීම
Next
ජාතික කලාභවනෙන් පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

More in Breaking News