WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ජාතික කලාභවනෙන් පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

I
Ishanka Jayasuriya
May 21, 2026 · 1 min read
161 viewsf𝕏W
ජාතික කලාභවනෙන් පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්
ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
අද (21) වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2015 වසරේදී භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් සිදු කළ පරීක්ෂාවකදී මෙම තොරතුරු හෙළිවූ බවයි.
ඒ අනුව ජාතික කලාභවනේ තොග පොතෙහි සිතුවම් 281ක් සඳහන්ව තිබුණද, මේ වනවිට එහි පවතින්නේ සිතුවම් 239ක් පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.
අතුරුදන් වූ සිතුවම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
වසර 12ක් ඇදුණු නඩුවෙන් ගායක ‘චිලී’ වැරදිකරු වෙයි
Next
ඉරානය එකඟ නොවුණොත් දැඩි ප්‍රහාර යළි අරඹන බව ට්‍රම්ප් අනතුරු අඟවයි

More in Breaking News