WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඉරානය එකඟ නොවුණොත් දැඩි ප්‍රහාර යළි අරඹන බව ට්‍රම්ප් අනතුරු අඟවයි

I
Ishanka Jayasuriya
May 21, 2026 · 1 min read
160 viewsf𝕏W
ඉරානය එකඟ නොවුණොත් දැඩි ප්‍රහාර යළි අරඹන බව ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානය සාම ගිවිසුමකට එකඟ නොවන්නේ නම් එරටට එරෙහිව යළිත් දැඩි හමුදා ප්‍රහාර දියත් කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් “නිවැරදි පිළිතුරක්” ලබා ගැනීම සඳහා තවත් දින කිහිපයක් බලා සිටීමට වොෂින්ටනය සූදානම් බවද ඔහු ඉඟි කර ඇත.
වත්මන් තත්ත්වය ඉතා සංවේදී මට්ටමක පවතින බවත්, ඕනෑම මොහොතක තත්ත්වය දරුණු අතට හැරිය හැකි බවත් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
“අපිට නිවැරදි පිළිතුරක් නොලැබුණොත් සියල්ල ඉතා වේගයෙන් වෙනස් වේවි. අපි සියලු දෙනාම ප්‍රහාර සඳහා සූදානමින් ඉන්නවා,” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර ඇත.
අමෙරිකාව සහ ඊශ්‍රායලය  එක්ව ක්‍රියාත්මක කළ “Operation Epic Fury” හමුදා මෙහෙයුම තාවකාලිකව නතර කර සති හයක් ගතවී තිබුණද, සාම සාකච්ඡාවල සැලකිය යුතු ප්‍රගතියක් මෙතෙක් වාර්තා වී නොමැත.
මේ අතර, ඉරානය විප්ලවීය බලකාය ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට එරෙහිව නැවතත් ප්‍රහාරයක් එල්ල වුවහොත් කලාපීය යුද්ධය මැදපෙරදිග සීමාව ඉක්මවා ව්‍යාප්ත විය හැකි බවයි.
ගෝලීය බලශක්ති සැපයුමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්ද ඉරානය නව “පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය   ”  නමින් ආයතනයක් පිහිටුවා ඇති බව සඳහන් වේ.
එමෙන්ම ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් X සමාජ මාධ්‍යය ඔස්සේ සඳහන් කර ඇත්තේ, ඉරානය සාකච්ඡා සඳහා විවෘතව සිටින නමුත් “බලහත්කාරයෙන් ඉරානය යටත් කරගත හැකි බව සිතීම මුලාවක්” බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ජාතික කලාභවනෙන් පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්
Next
ඩොලරය යළි ඉහළට

More in Breaking News