අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (21) දිනයේද තවදුරටත් අවප්‍රමාණ වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව, අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.63ක් ලෙස සටහන් වී ඇත.
එමෙන්ම ඩොලරයක විකුණුම් මිල අද දිනයේ රුපියල් 354.03ක් දක්වා ඉහළ ගොස් තිබේ.




